ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන්නට ගිය තැරැව්කරුවන් 09 දෙනෙකු අද උදෑසන වන විට ශ්‍රිලංකා පොලිස් බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝග ප්‍රකාරවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා රුපියල් 25,000 ක මුදලක් අයකර ගනිමින් පෝලිම්වල නොසිට මෙම විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පැමිණිලි ලැබී තිබුණු අතර මාධ්‍ය මගින්ද පෙන්වා දී තිබුණා .

මේ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බුද්ධි අංශවලට මේ පිලිබදව වහාම සොයා බලන ලෙසට ඊයේ දිනයේදී නියෝග කර සදහන් .

ඒ අනුව අද උදෑසන වනවිට මෙසේ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් 09 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව සදහන් .

මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර මෙසේ වංචනිකයන් සමග එකතුවී ක්‍රියාකරන අනෙකුත් නිලධාරීන් පිලිබදවද සොයා බලන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා .

WhatsApp Group

Skip to content