මෙක්සිකෝ දේශ සීමාව වෙත හමුදා භටයින් 1500ක් තාවකාලිකව යොමු කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.

මේ මාසය අවසානයේ දී ඇමෙරිකාව කොවිඩ් 19 දේශසීමා සංක්‍රමණ නීති ඉවත් කිරීමත් සමඟ මෙක්සිකෝ හරහා විශාල පිරිසක් අනවසර ලෙස ඇමෙරිකාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එය වැළැක්වීමේ අරමුණිනුයි මෙසේ හමුදා භටයින් යෙදවීමට සුදානම් වන්නේ.

එමෙන්ම ජාතික ආරක්ෂක භටයන් 2500ක් නිරතුරුවම යෙදවීමට ද ඇමෙරිකාව සැලසුම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content