මෙම වසර පවත්වා ගැනීම ඉතාමත් අසීරු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එළඹෙන මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීමෙන් අනතුරුව පවතින අපහසුකාරි ආර්ථික තත්ත්වය යම් තාක් දුරට ස්ථාවර තත්ත්වයකට ගෙන යා හැකි බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

මෙම තත්ත්වය තුළ බොහෝ කර්මාන්තශාලා වැසී යාමේ තත්වයක්ද හටගෙන ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ.

එමෙන්ම බොහෝ පිරිසක් කුසගින්නේ සිටින ආකාරයක්ද තමන්ට නිරීක්ෂණය වී ඇති බවයි ඒ මහතා ව්‍යාපාරිකයන් සමග පැවැත් වූ විශේෂ සාක්ච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් පවසා සිටියේ.

https://www.vnews.lk/storage/2023/02/RANIL-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content