Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙම සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා .

ඒ අනුව අද දිනය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්වයි මෙම කමිටුව විසින් කැදවීමට නියමිතව ඇත්තේ .

මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ මහතා ගේ සභාපතීත්වයෙන් කෝප් කමිටුව්‍ර රැස්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම අද දිනයේ දී ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් ද කෝප් කමිටුව වෙත කැඳවා ඇති බව වාර්තා වනවා .

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට කැදවා ඇත්තේ හෙට දිනයේයි .

මාර්තු 09 වන දා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අදාළ කමිටුව හමුවට කැඳවා තිබෙනවා .

මේ අතර මෙම සතියේ පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි .

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේ දි මෝටර් වාහන පනත යටතේ නිකුත් කරන ලද ගැසට් පත්‍ර කිහිපයක ඇති නියෝග විවාදයට ගැනීමට නියමිත බවයි .

WhatsApp Group

Skip to content