පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබාදීමට නොහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බවයි.

මැතිවරණ කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් සපයා ගැනීමේ ගැටළු පවතින බවයි.

මේ වන විට මෙරට ඉන්ධන ඉල්ලුම 40%කින් පමණ පහළ බැස තිබෙනවා.

WhatsApp Group

Skip to content