සංචාරකයින් 47,353 දෙනෙකු මේ වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණ තිබෙනවා.

එම සංචාරකයින් පිරිස මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 01 වනදා සිට 15 වනදා දක්වා කාලය තුළ බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

අදාළ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් රුසියාවෙන් මෙරටට පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 12,064ක්.

කෙසේ වෙතත් මෙම මාසය තුළ සංචාරකයින් 105,000ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂිත බවයි එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ.

WhatsApp Group

Skip to content