හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනාධිකරණ පෙත්සම රුපියල් 21 000ක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ ගොනු කර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණා.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතු`ඵ පිරිසකට එරෙහිව වින්දිතයින් විසින් නඩු 108ක් කොළඹ දිසා අධිකරණය ඉදිරියේ ගොනු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content