රුසියාවේ මොස්කව් නුවර ක්‍රෝකස් නගර ශාලාවට එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන 9 දෙනෙකු තජිකිස්තානයේ ජාතික ආරක්ෂක කමිටුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම මෙම පුද්ගලයින් අයි එස් අයි එස් සංවිධානය ට සම්බන්ධ බවට ද සැක පළ කෙරෙයි.

තජිකිස්තානයේ වක්දාත් නම් නගරයේදී ඔවුන් ව අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන්ව එරට අගනුවර වන දුෂාන්බේ වෙත රැගෙනවිත් ඇති බවද වාර්තා වේ.

WhatsApp Group

Skip to content