යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය මුදා හැරීම අද දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල 67% ඉක්මවූ ධාරිතාවක් පවතින බවයි.

ඒ හේතුවෙන් ගැටලුවකින් තොරව කන්නයට අවශ්‍ය ජලය මුදා හැරිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ අතර යල කන්නය සාර්ථක කර ගැනීම සදහා පොහොර ඇතුළු අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

ඒ අනුව මඩ පොහොර සම්පූර්ණයෙන් නොමිලේ ලබා දෙන බවත්, යූරියා රුපියල් 10,000 ක් හෝ ඊට අඩු මුදලකටත්, බන්ඩි පොහොර දැනට පවතින මිල ගණන්වලට වඩා අඩු මුදලකටත් ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සදහන් කළා.

WhatsApp Group

Skip to content