යාපනය, කයිතඩි ප්‍රදේශයේ ඊයේ(19) රාත්‍රියේ සිදුවු රිය අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් ඇති බව චාවකච්චේරි පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ කොඩිකාමම් පොලිසියට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු එලෙස මියගොස් ඇති බවයි.

පොලිස් නිළධාරියා පැමිණි යතුරුපැදිය බස් රථයක ගැටීමෙන් පොලිස් නිළධාරියා මාර්ගයේ වැටී ඇති අතර, අනතුරුව ඉදිරිපසින් පැමිණි තවත් ලොරි රථයක පොලිස් නිළධාරියා ගැටී ඇති බව මුලිකව නිරීක්ෂණය වන බව පොලිසිය සඳහන් කළහ.

අනතුරින් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ආර්.එම්.ගුණරත්න නමැති උප පොලිස් පරීක්ෂකවරයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසූහ.

අනතුරට අදාළ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

WhatsApp Group

Skip to content