Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

යෝජිත හම්බන්තොට නව තෙල් පිරිපහදුව සඳහා ඊයේ අවසන් දිනය වන විට සමාගම් 7 ක් අයදුම්කර තිබෙනවා.

එලෙස යෝජනා ඉදිරිපත් කළ සමාගම් අතරට චීනය, මැලේසියාව, සිංගප්පුරුව, ඉරානය යන රටවලට අයත් සමාගම් 05ක්ද, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ඒකාබද්ධ සමාගමක් සහ මෙරට සමාගමක් අයත් බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ.

ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.

ඒ අනුව තාක්ෂණික කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව එම යෝජනා ඇගයීමට ලක්කර සුදුසු අයදුම්කරුවන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනු ඇති.

මේ අතර තෙල් සංස්ථාව විකිනීමට එරෙහිව වෘත්තීය සමිති ආරම්භ කල සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

ඊයේ දිනයේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබුවා.

https://www.vnews.lk/storage/2023/03/SATHYAGRAHAYA-EDIT-.mp3?_=1

මේ අතර ඛනිජ තෙල් ආනයනය කිරීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබූ ඒකාධිකාරී බලය විදේශ සමාගම් දෙකකට ලබාදීමට එරෙහිව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති රැසක් මේ වන විට රාජකාරිවලින් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

මෙම වැඩවර්ජනය හේතුවෙන් ඉන්ධන බවුසර්වලට ඉන්ධන පැටවීම ද නතර වී ඇති බව සදහන්.

ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක ඉන්ධන හිඟයක් ඇති වී තිබෙනවා.

https://www.vnews.lk/storage/2023/03/INDHANA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content