අම්පාර බක්කිඇල්ල – රජගල පුරාවිද්‍යා භූමියේ තිබූ පා දෝවන ගලක් රඳවා තැබීමට භාවිත කරන ඉපැරණි ආධාරක ගලක් අතුරුදන් වී තිබෙනවා.

එය කිලෝග්‍රෑම් 50 ක් පමණ බරින් යුක්ත වන බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර, පොලිසිය සඳහන් කළේ පුරාවිද්‍යා භූමියේ කැණීම්වල නිරත පුද්ගලයන්ගෙන් ද විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි.

WhatsApp Group

Skip to content