උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ රාත්‍රී 07.00න් පසු විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබෙනවා .

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමකට අනුව විදුලි බල මණ්ඩලයේ ද අවශ්‍යතා මත මෙම තීරණය ගත් බවයි.

මේ අතර, අද සහ හෙට පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා .

WhatsApp Group

Skip to content