Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රියදුරු හිඟය හේතුවෙන් අදත් දුම්රිය ගමන් වාර 14ක් අවලංගු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

මේ අතර, ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, දුම්රිය පාලනාධිකාරිය සහ සංගම් කිහිපයක් අතර අද පෙරවරුවේ සාකච්ඡාවක් ද පැවැත් වුණා.

එහිදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පත් කිරීම් ප්‍රමාදය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර, ඒ පිළිබඳ ගැටලුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

දැනට පවතින රියදුරු හිඟය හේතුවෙන් ඊයේ දිනයේ දී ද දුම්රිය ගමන්වාර 29ක් අවලංගු කෙරුණා.

මෙම තත්ත්වය මතයි විශ්‍රාමික රියදුරන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම සඳහා වන ඉල්ලීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දුම්රිය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළේ.

WhatsApp Group

Skip to content