Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා විසින් යුක්රේනයට අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් බටහිර රටවලට දෙශාරෝපනය කර තිබෙනවා .

ඔහු සදහන් කර ඇත්තේ ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය ආදී බටහිර බලවතුන් අවි ආයුධ ලබා දෙමින් යුක්රේන හමුදා ශක්තිමත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි .

එයින් සිදුවන්නේ රුසියන් යුක්රේන අර්බුදය තව තවත් උත්සන්න වීම බවත් රුසියන් ජනාධිපතිවරයා තුර්කි ජනාධිපතිවරයාට පවසා තිබෙනවා .

මහා බි්‍රතාන්‍යය පසුගිය දා ඔවුන්ගේ හමුදාවේ ඇතිිචැලෙන්ජර් 2’ වර්ගයේ ප්‍රබල යුද ටැංකි දෙකක් යුක්රේන හමුදාවට ලබා දී තිබුනේ රුසියන් හමුදාවෙන් එල්ල වන ප්‍රහාරවලට එරෙහිව සටන් වැදීමටයි .

මේ අතර ඇමෙරිකාව සහ ප්‍රංශය ඔවුන් සතු මිසයිල නාශක පද්ධති යුක්රේන හමුදාවට ලබා දී ඇති බවද වාර්තා වනවා .

WhatsApp Group

Skip to content