දිවයිනේ බොහෝ ප්‍රදේශවල රෝහල් කිහිපයක රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ ඇතැම් ග්‍රාමීය හා පර්යන්ත රෝහල්වල ඖෂධ නොමැති වීමෙන් ජනතාව අසීරුතාවයට පත් වී ඇති බවයි.

ඔවුන්ට සායන හා බාහිර රෝගී අංශවලින් ලබා ගත යුතු ඖෂධ වැඩි ප්‍රමාණයක් බාහිරින් මිලදී ගැනීමට සිදු වී ඇති බවයි චමිල් විජේසිංහ මහතා කියා සිටියේ.

අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ රෝහල්වල ඖෂධවල යම් කිසි අඩුවක් දක්නට ලැබෙන බවයි.

එමෙන්ම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ කුමන අපසුකම් තිබුණද මෙම වසරට අවශ්‍ය සිය`ඵ ඖෂධ මිලදී ගැනීමට කටයුතු කරන බවයි.

WhatsApp Group

Skip to content