Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙරට පළමු ඩ්‍රෝන තාක්ෂණ නියමු පාඨමාලාව ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ ඩ්‍රෝන තාක්ෂණ භාවිතය මගින් ඉදිරියේ දී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ශීඝ්‍ර සංවර්ධනයක් අපේක්ෂා කරන බවයි.

පුහුණු මානව ශ්‍රම සම්පත් හිඟයට  විසඳුමක් ලෙස මෙන්ම මානව ශක්‍යතා අභිභවා ගොස් ජයගත යුතු  වෘත්තීය ක්ෂේත්‍රයේ දුෂ්කරතා මගහරවා ගනිමින් කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නංවා ගැනීමටත් එමගින් අවකාශ සැලසෙන බව අමාත්‍යවරයා පැවසුුුවා.

ඒ ඔස්සේ වේගවත් තාක්ෂණික දියුණුවක් ඇති කරමින් වත්මන් ලෝකය ගමන් කරන හතර වෙනි කාර්මික විප්ලවය හඹා යාමට, ඊට බොහෝ පිටුපසින් සිටින අප රටට ද අවකාශ විවර වනු ඇතැයි අමාත්‍යවරයා මෙහි දී විශ්වාසය පළ කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  කෘෂි තාක්ෂණ ව්‍යාප්ති මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

WhatsApp Group

Skip to content