ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික අංශයට විකුණා දැමීමේ සුදානමක් පවතින බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසනවා .

තම සංගමය මෙයට විරෝදය පල කරන බවයි ඔහු සදහන් කලේ .කොලොබ පැවති මාධ්‍ය හමුවකදී රන්ජන් ජයලාල් මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/03/RANJANA-JAYALALA-EDIT-.mp3?_=1

මේ අතර විදුලිබල මණ්ඩලය , ඛණිජ තෙල් සංස්ථා වෘත්තිය සමිති සහ එම ආයතනවල පාලන අධිකාරිය අතර ඇති සාමුහික ගිවිසුමෙන් ඉවත් වන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අදාළ ආයතනවලට ඒ පිළිබද දැනුම් දුන් බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.

සාමුහික ගිවිසුම මගින් වසර තුනකට වරක් සිදුකෙරෙන සියයට 25ක වැටුප් වැඩිවීම, වාර්ෂික ප්‍රසාද දීමනා ගෙවීම් සම්බන්ධයෙන් තීරණ ගනු ඇති.

ඒ අනුව එම ක්‍රියාවලිය අවසන් කිරන ලෙසයි අමාත්‍යවරයා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත්තේ.

WhatsApp Group

Skip to content