Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කිසියම් අයෙකු ලිංගික කටයුත්තක් සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන වයස වැඩි කිරීමට ජපානය පියවර ගෙන තිබෙනවා.

මෙතෙක් අවුරුදු 13 ලෙස එම වයස සීමාව පැවැති අතර ‍නව තීරණය අනුව එම වයස් සීමාව වයස අවුරුදු 13 සිට 16 දක්වා වැඩි කෙරෙනු ඇති.

මේ සම්බන්ධයෙන් සංවර්ධිත රටවල් අතරින් මේ වනවිට අඩුම වයස් සීමාවක් ක්‍රියාත්මක වන්නේ ජපානයේයි.

එම වයස් සීමාව ජර්මනියේ සහ ඉතාලියේ වයස අවුරුදු 14ක් ලෙසත් ප්‍රංශයේ අවුරුදු 15ක් ලෙසත් එක්සත් රාජධනියේ අවුරුදු 16ක් ලෙසත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජපාන අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කරන ලද විශේෂඥ මණ්ඩලයක් විසින් ජපානයේ එම වයස් සීමාව ඉහළ දැමීම සඳහා යෝජනා කර තිබෙනවා.

එසේම ලිංගික අපරාධවලට අදාළ නීතිවල විශාල සංශෝධනයක් සිදු කිරීමට ජපානය සූදානම් වන බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

ලිංගික දූෂණවල නිරත වූ බවට චෝදනා ලැබූවන් නිසි දඬුවම් නොලැබීමේ සිදුවීම් කිහිපයක් හේතුවෙන් වසර කිහිපයකට පෙර දැඩි ආන්දෝලනයක්ද ජපානයේ ඇති වූ බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

සිය දියණියක දූෂණය කළ පියෙක් නිදහස්වීමේ සිදුවීමක් ද ඒ අතර වන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

නගෝයා දිස්ත්‍රික් උසාවියෙන් අදාළ පියා නිදහස් කර ඇති අතර දියණියගේ කැමැත්තක් නොමැතිව දූෂණය කර ඇති බව තහවුරු වුවද ඊට විරුද්ධවීමට ඇයට නොහැකි වී ඇති බවත් කෙසේ වෙතත් ඉහළ අධිකරණයක් එම තීන්දුව අවලංගු කර අදාළ පුද්ගලයාට වසර 10ක සිරදඬුවමක් නියම කර ඇති බවත් ජපන් මාධ්‍ය වාර්තා කරනවා.

මෙවැනි සිදුවීම්වලට එරෙහිව විරෝධතා පැන නැගීමෙන් පසුව නීති සංශෝධනය පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙන බවයි ජපන් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒසේම දූෂණයක් අර්ථ දක්වන ආකාරය වඩාත් පුළුල් කිරීමට ද යෝජනා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content