Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එළඹෙන 5 වන ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු.350ත් 400ත් අතර අගයකින් ඉහළ යන බව ලිට්රෝ සමාගම් ආරංචි මාර්ග පවසනවා.

මෙලෙස ගෑස් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රුසියාව සහ යුක්රේනය අතර හටගෙන ඇති යුධමය වාතාරවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමයි

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් වැඩි කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව රුපියල් 370ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල්  400 ක් දක්වා ඉහළ යනු ඇති.

නමුත් අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙන්නේ.

මෙම මිල ගණන් සංශෝධනයට සමගාමීව ලංකා අයි.ඕ.සී සමාගම ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල වැඩි කර තිබෙනවා.

මේ අතර ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති පවසන්නේ පෙට්‍රල් මිල වැඩි කළ ද ත්‍රීරෝද රථ ගාස්තු වැඩි නොකරන බවයි.

WhatsApp Group

Skip to content