Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලේක ජල දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව “ජලය සහ සනීපාරක්ෂක ගැටලු සදහා කඩිනම් ප්‍රවේශයක් යන්නයි” ලෝක ජල දිනය සෑම වසරකම මාර්තු 22 වන දාට යෙදී ඇති අතර එය එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1993 වසරේදියි.

පෘථිවියේ හතරෙන් තුනක් ජලයෙන් වසා පැවතියත් ඉන් පානය කළ හැක්කේ සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ.

අපිරිසිදු ජලය පානය කිරීම හේතුවෙන් වාර්ෂිකව ලොව මිලියන 1.4 කට අධික පිරිසක් මිය යන අතර තවත් මිලියන 74 ක පිරිසකගේ ආයු අපේක්ෂාව පහළ යන බවටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

මේ අනුව පිරිසිදු ජලය කළමනාකරණය කර ගනිමින් කටයුතු කිරීම ලොව සියලුදෙනාගේම වගකීම වනවා.

WhatsApp Group

Skip to content