ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට ශ්‍රී ලංකාවද එක්වී තිබෙනවා.

ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ශ්‍රී ලංකාව මෙම රටවල් අතරට එක්ව ඇති බවටයි සදහන් වන්නේ.

ඒ අනුව ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි ස්ථානය හිමිව තිබෙනවා.

එම දර්ශකයේ පළමු තැන සිටිනුයේ සිම්බාබ්වේ වන අතර, වෙනිසියුලාව, සිරියා සහ ලෙබනන් යන රටවල් පිළිවෙලින් ලොව වඩාත්ම දුක්ඛිත රටවල අතර දෙවැනි, තෙවැනි සහ සිව්වන ස්ථනයන් හී පසුවනවා.

WhatsApp Group

Skip to content