ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද පැවැත්වෙනවා.

ඒ ඔස්ටේ්‍රලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමගයි.

තරගය මෙරට වෙලාවෙන් පස්වරු 06.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගාවලියේ මෙතෙක් මුහුණදුන් තරග දෙකම ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

අද තරගයේ ප්‍රතිවාදීන් වන ඔස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායමද තරගාවලියේ මුහුණ දී සිටින තරග දෙකම ජයගෙන සිටිනවා.

ඒ අනුව අද තරගය තීරණාත්මක සහ උණුසුම් තරගයක් බවට පත්වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content