ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි ඩොලර් 88 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ගත වූ මාසයක කාලය තුල වාර්තා වූ ඉහළ ම අගය මෙයයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 88යි ශත 20ක් ලෙසින්.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල ඩොලර් 82 ඉක්මවා තිබෙනවා.

ඉහළම තෙල් ආනයනකරු ලෙස චීනය සිය ආර්ථිකය ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හමුවේ ඉල්ලුම ශක්තිමත්ව තෙල් මිල ඉහළ ගොස් ඇති බවයි විචාරකයන් පවසන්නේ.

WhatsApp Group

Skip to content