ලොව පුරා නැවතත් කොළරාව වසංගත තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ඔවුන්ට අනුව ලොවපුරා රටවල් 43ක වෙසෙන බිලියනය ඉක්මවූ ජනතාව මෙම අවදානමට මුහුණපා සිටින බව වාර්තා වනවා.

අපිරිසිදු ජලය හෝ ආහාර භාවිතයෙන් වැළඳෙන කොළරාව හේතුවෙන් පාචනය වැනි රෝගී තත්ත්වයන් හටගන්නා අතර ඉන් ඇතැම් අවස්ථා මාරාන්තික වන බව සදහන්.

2022 වසරේ පටන් ලොවපුරා කොළරා රෝගීන් වාර්තා වීම ඉහළයමින් පවතින අතර ඉන් බහුතර උග්‍ර දුප්පත් කමින් පීඩා විඳින පිරිස වනවා.

දරිද්‍රතාව, ආපදා, යුද ගැටුම් සහ කාලගුණික විපර්යාස මෙලෙස කොළරා වසංගතය උග්‍ර වීමට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content