Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. පක්ෂයේ විනය මණ්ඩලය ඉදිරි දින කිහිපය තුළ ඊට අදාළ පියවර ගනු ඇතැයි මහලේකම්වරයා ප්‍රකාශ කළා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සදහා පාර්ලිමේන්තුවේ ඊයේ දින පැවති ඡන්ද විමසීමේදී වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරය ආණ්ඩුවේ යෝජනාවට සහය පළ කරමින් සිය ඡන්දය භාවිත කර තිබෙනවා.

මේ අතර පසුගියදා රත්‍රං තොගයක් සමග ගුවන්තොටුපල විසින් අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් මහතා මාධ්‍යට කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් නිර්දෝශි පුද්ගලයෙකු වන බවයි.

වෙනත් ඥාති පුත්‍රයෙකු විසින් සිදු කරන ලද සිදුවීමක් හමුවේ තමන්ව දැඩිව අසාධාරණයට ලක් වූ බවටයි ඒ මහතා කියා සිටියේ. ආණ්ඩුවේ පාර්ශ්ව රැසකට සිදුවීම පිළිබදව අවධාරණය කළ ද කිසිවෙකුත් තමන්ට උපකාර නොකළ බවටයි ඒ මහතා පැවසුවේ.

මේ අනුව ඊයේ දින පැවති මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට එරෙහිව සිය ඡන්දය භාවිත කළේ ද අදාළ හේතුව මත බවටයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

ඪදසජැ ක්‍මඑ – අලි සබි්‍ර රහීම්

WhatsApp Group

Skip to content