වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා පැවැති දෙවැනි සාකච්ඡා වටයද අසාර්ථක වී තිබෙනවා.
ඒ වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් මෙම සාකච්ඡාව සඳහා නොපැමිණීම හේතුවෙන්.
පසුගිය 10 වැනිදා වතු වෘත්තීය සමිති හා හාම්පුතුන්ගේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පළමු වරට සාකච්ඡාවක් සංවිධාන කර තිබුණා.
කෙසේ වෙතත් එම සාකච්ඡාවටද වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් සහභාගි වූයේ නැහැ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311