වසංගත රෝග පාලනය සදහා පවතින රෙගුලාසී යාවත්කාලීන කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ඒ සදහා නව ගෝලීය මාර්ගෝපදේශ සකස් කිරීමට පෙර පවතින රෙගුලාසි යාවත්කාලීන කළ යුතු බවයි.

ජාත්‍යන්තර රෙගුලාසි පිළිබද පැවති ජගත් සෞඛ්‍ය ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමේදී ඊට අදාළ එකගතාවකට පැමිණ තිබෙනවා.

අඩු ආදායම්ලාභී රටවල සෞඛ්‍ය ගොඩනැගීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්වු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළා.

WhatsApp Group

Skip to content