අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය අද කැදවීමට නියමිතයි .

එම අභියාචනය කොළඹ මහාධිකරණය හමුවේ පසුගියදා කැදවනු ලැබුවා .

මහාධිකරණ විනිසුරුවරයා පසුගියදා නිවාඩු ලබා සිටි බවවින් අදාල පෙත්සම සලකා බැලීමට අද කැදවන බවයි මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා දැනුම් දුන්නේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සදහන් කරමින් පසුගියදා නිදහස් කලා.

එම තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ මෙම අභියාචනය ගොනුකර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content