ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය ජූනි මස පළමුවනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කළා.

අදාළ පෙත්සම අද දින කැදවූ අවස්ථාවේදියි අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දුන්නේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නෛතික දෝෂයක් නිවැරදි කිරීම සදහා පමණක් එම පෙත්සම අද කැදවන ලෙස ඉල්ලා සිටි බවට අධිකරණයට දනවනු ලැබුවා.

ඒ අනුව නඩුවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස නියම කළ අධිකරණය පෙත්සම ජුනි මස පළමු වනදා කැදවන ලෙසයි නියෝග කළේ.

WhatsApp Group

Skip to content