Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු මෙතෙක් සිදු වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

මේ හේතුවෙන් දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි ඔහු පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/04/JAYANTHA-SAMARAWEERA-EDIT-1.mp3?_=1

එහිදි අදහස් පළ කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා.

https://www.vnews.lk/storage/2023/04/SUSIL-PRAMAJAYANTHA-EDIT-02-1.mp3?_=2

මේ අතර රුහැණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.

විපක්ෂ නායකවරයා චෝදනා කළේ රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් දරුවන් දැඩි පීඩාවට පත්ව ඇති බයි.

https://www.vnews.lk/storage/2023/04/SAJITH-PRAMADASA-EDIT-1.mp3?_=3

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ විශ්ව විද්‍යාලයක උපකුලපතිවරයෙකු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන බවයි.

ඒ හේතුවෙන් එම තැනැත්තා ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයාට බලයක් නොමැති බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.

https://www.vnews.lk/storage/2023/04/SUSIL-PRAMAJAYANTHA-EDIT-2.mp3?_=4

WhatsApp Group

Skip to content