Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රාජගිරිය පොලිසියේ නිලධාරින් විසින් පහර දි ඝාතනය කලේ යැයි කියන රාජකුමාරිගේ දොමෝදර බල්ලේකැටුව නාවිල වත්තේ පිහිටි නිවසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලිමක් මත කදුරට ජනතා පෙරමුණේ නායක සහ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක වි. රාධාක්‍රිෂ්ණන් මහතා ගොස් මියගිය කාන්තාවගේ පවුලේ සමාජිකයන්ගේ සුවදුක් විමසිමක් සිදු කරනු ලැබුවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලිමක් මත රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා මියගිය කාන්තාව පදිංචි නිවසට ගොස් ඇයගේ සැමියා සමග කතාබස් කිරිමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මියගිය කාන්තාවගේ සැමියා සමග දුරකථනය ඔස්සේ සම්බන්ධ විය.

එහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් මියගිය කාන්තාවගේ සැමියා ඉල්ලා සිටියේ අභිරහස් ලෙස මියගිය තම බිරිදගේ මරණය සම්බන්ධයෙන් පවත්වන පොලිස් විමර්ශන  අපක්ෂපාතීව සිදු කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මියගිය කාන්තාවගේ පවුලේ අය වෙනුවෙන් විපක්ෂයෙන් සිදු කල යුතු කාර්ය භාරයක් උපරිමයෙන් සිදු කරන බවට විපක්ෂ නායකවරයා දුරකථන ඇමතුම ඔස්සේ පොරොන්දු විය.

එම කාන්තාවගේ නිවසට ගිය රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයාද කියා සිටියේ මියගිය රාජකුමාරි සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙසට විපක්ෂ නායකවරයා සහ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ මන්ත්‍රිවරුන් අදහස් ඉදිරිපත් කල බවත්, එම පරික්ෂණ අපක්ෂපාතීව සාධාරණය ඉටු කරනතෙක් ඒ වෙනුවෙන් විපක්ෂය දැඩි අවධානයෙන් සිටින බවද රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියා.

 

WhatsApp Group

Skip to content