හෝමාගම වටරැක බන්ධනාගාර පාසල සඳහා පුනර්ජනනීය වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හෝමාගම වටරැක පිහිටි බන්ධනාගාර වැඩ කඳවුර සහ බන්ධනාගාර තරුණ වරදකරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන මහින්දෝදය විශේෂිත ආදර්ශ පාසලේ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමින්.

මෙම පාසල ස්ථාපිත කරනු ලැබුවේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා 2014 වසරේදී අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේදියි.

WhatsApp Group

Skip to content