Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ පැවැති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

ජාතික සභාව අද පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඒ බව දැනුම් දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදාළ පාර්ශව දෙකට මුණගැසී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා ලෙස ජාතික සභාව දැනුම් දුන්නේ ඊයේ දිනයේදීයි.

ඒ අනුව ඊයේ පස්වරුවේ දෙපාර්ශවයේ නිලධාරීන් මුණගැසී විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බවත්,ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ජාතික සභාවට දැනුම් දී තිබෙනවා.

එහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අද දින කොමිෂන් සභාව රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට බලපොරොත්තු වන බවයි.

මින් පෙර ජාතික සභාව රැස් වූ අවස්ථාවේදී විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය මේ මස 15 වනදාට පෙර දැනුම් දෙන බව මහජන උපයෝගීතා කොමිසම ජාතික සභාවට දැනුම් දී තිබුණා.

ඒ අනුව හෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී පවසා ඇත්තේ.

WhatsApp Group

Skip to content