Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීරණය ගනු ලැබුවා.

මානව හිමිකම් කොමිසම විසින් විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ අපහාස පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය කළ විනිසුරු මඩුල්ල වැඩිදුර සලකා බැලීම ලබන 07 වනදා සිදු කරන බවයි නියෝග කර ඇත්තේ.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකුද සිය තනතුරුවලින් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ අනුව එහි සාමාජිකයින් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ.වික්‍රමසිංහ යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත භාර දී ඇති බව සඳහන්.

එමෙන්ම ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැළණි තිස්ස බලාගාරය අක්‍රීය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා ලීටර මිලියන 1.3ක් විදුලිබල මණ්ඩලය වෙත ලබා දුන්න ද එය දිනකට ප්‍රමාණවත් වන බවටයි වාර්තා වන්නේ.

මේ අතර වැසි නොලැබිම හේතුවෙන් ජලවිදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් ජලය ජලාශවල නොමැති බවද මහවැලි අධිකාරිය විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට දැනුම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content