Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදුලි ගාස්තු සංශෝධනයට කිසිසේත්ම එකග නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සභාපති නිහාල් වීරරත්න මහතා සදහන් කළේ විදුලිය නිෂ්පාදනය සදහා වැය වන පිරිවැය අඩු කිරීමට අවස්ථාව තිබියදී මෙලෙස විදුලි ගාස්තු සංශෝධනය කර ඇති බවයි.

විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන්ද ගැටලු සහගත තත්ත්වයක් පවතින බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

https://www.vnews.lk/storage/2023/02/NIHAL-EDIT.mp3?_=1

මේ අතර මාර්තු මස 1 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්ති සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය සිදුකිරිමට එහිදි වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කර තිබෙනවා .

WhatsApp Group

Skip to content