Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාවය පල කර තිබෙනවා.

2009 විදුලිබල පනතට අනුව මෙම එකඟතාවය ලබා දුන් බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ.

කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති විදුලි බිල සංශෝධනයේ සෙසු කරුණු සම්බන්ධයෙන් නිති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසුවා.

මේ අතර කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළේ විදුලිබිල 65%ත් 70%ත් අතර අගයකින් ඉහළ දැමීමටයි.

කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරණය කළේ එලෙස විදුලි ගාස්තු සංශෝධනයකට අවසර ලබා දිය නොහැකි බවයි.

WhatsApp Group

Skip to content