එළැඹෙන ජනවාරි මාසයේදී සිදු කිරීමට නියමිත විදුලි බිල සංශෝධනයට වැට් බද්දෙන් බලපෑමක් සිදු නොවන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. 

කෙසේ වෙතත් වැට් බද්දෙන් ඉන්ධන මිලට බලපෑමක් ඇති කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

අමාත්‍යවරයා මෙලෙස කියා සිටියේ ස්ථාවර රටකට සැවොම ඒක මඟකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ බලපෑම අවම කිරීම සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග සහ තීන්දු සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් කියා සිටියා.

අදාළ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පත මේ වන විට ගැසට් කර අවසන් බවත් ඊට විවිධ අදහස් හා යෝජනා ලැබෙමින් පවතින බවත්ය.

ඒසේම තවත් යෝජනා ඇත්නම් ජනවාරි 3 වනදා තෙක් ලිඛිතව ලබාදිය හැකි බවද අමාත්‍යවරයා කියා සිටියා.

යෝජිත නව පනත් කෙටුම්පත විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලට සහ අනාගතය ශක්තිමත් කළ හැකි පනතක් බවට පරිවර්තනය කරමින් ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා ඒහිදී කියා සිටියා.

WhatsApp Group

Skip to content