Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදුලි බිල යලි ඉහල දැමීමට කටයුතු කලහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් මහතා සදහන් කළේ 66%කින් විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අසාධාරණ බවයි.

https://www.vnews.lk/storage/2023/02/RANJAN-JAYALAAL-EDIT-.mp3?_=1

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ තම විරෝධය මැද 66%ක විදුලි ගාස්තු ඉහල දැමීමේ විදුලි බල මණ්ඩල යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් තිදෙනා අනුමැතිය ලබා දුන් බවයි.

එමගින් වාර්ෂිකව රුපියල් බිලියන 287ක අමතර වැය බරක් විදුලි පාරිභෝගිකයා වෙත පැටවෙන බවද ඔහු පැවසුවා.

මේ අතර අද පෙරවරුවේ විකාශය වූ සිද්ධමුල්ල කාලින වැඩසටහනට විදෙස්ගතව සිටින ජනක රත්නායක මහතා සම්බන්ධ වුණා.

ඔහු පැවසුවේ මහජන උපයෝගිතා කොමිසමට විදුලි බල අමාත්‍යවරයාගේ මිතුරෙකු පත් කර ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/02/JANAKA-RATHNAYAKE-EDIT-1.mp3?_=2

මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පල කළ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා.

https://www.vnews.lk/storage/2023/02/JANAKA-RATHNAYAKE-EDIT-02.mp3?_=3

WhatsApp Group

Skip to content