දෙනියාය ප්‍රදේශයේ පාසලක සිසුන් දෙදෙනෙකු විදුලිසැර වැදිම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඊයේ දිනයේ පැවැත්විමට නියමිතව තිබු අතර මෙම සිසුන් දෙදෙනා ක්‍රීඩා උත්සවයේ නිවාස කුටි සකස් කිරිමට අවශ්‍ය උණ ගස් කැපිම සඳහා පාසල් භුමියේ පිහිටි උණ පදුරක් අසලට ඊයේ මාධ්‍යම රාත්‍රියේ ගොස් ඇති බව සඳහන්.
එහිදී උණ ගසක් කපන අවස්ථාවේදි එම උණ පදුර අසල ස්ථාපිත කොට තිබු විදුලි ට්‍රාන්ස්ෆෝමර්යකට සම්බන්ධ කොට ඇති අධිබලැති විදුලි රැහැන්වල මෙම උණ දැවටීමෙන් උණ ගස කපමින් සිටි සිසුන් දෙදෙනාට විදුලි සැර වැදි තිබෙනවා.

විදුලි සැර වැදුණු සිසුන් දෙදෙනා ⁣⁣කඩිනමින් දෙනියාය මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරු කර යැවිමට රෝහල් බලධාරින් කටයුතු කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content