Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් කළුතර උතුර ප්‍රදේශයේ හෝටලයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ කිසියම් අපරාධයක් සිදුකිරීම සඳහා පැමිණි රන්මුණි අශාන් ප්‍රියංකර ද සිල්වා නොහොත් සගා නමැත්තෙකු විදේශීය නිෂ්පාදිත ගිනි අවියක් සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ කටුකුරුන්ද කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළුතර උතුර පැනරාමා හෝටලයේ දී මෙම වැටලීම සිදු කර තිබෙනවා.

ඒ් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ පුහුණු ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී ආර්.ඒ්.කේ. රත්නායක මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරී ඒ්.ඒ්.යූ. රණසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය කටුකුරුන්ද කඳවුරේ පොලිස් පරීක්ෂක එම්.ඩී.එම්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු 30 හැවිරිදි අශාන් ප්‍රියංකර ද සිල්වා නොහොත් සගා විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් වන මිලිමීටර් 9 පිස්තෝලයක්, ඒම උණ්ඩ ගැබ් 1ක් උණ්ඩ 9ක් සහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු කුලී පදනම මත රැඳී සිටින 73/05, පන්සල පාර, කළුතර උතුර යන ලිපියේ පිහිටි නිවසද පරීක්ෂාවලට ලක් කර තිබෙනවා.

එහිදී එහි තිබී මදන මෝදක ගුලි 187ක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා කළුතර උතුර පොලිසියට සැකකරු සහ භාණ්ඩ භාරදී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

 

WhatsApp Group

Skip to content