විදෙස් සමාගම් 3 ක් සදහා මෙරට සිල්ලර ඉන්ධන වෙළදපොලට පිවිසිමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි මේ බව කියා සිටියේ.

ඉන්ධන පිරවුම්හල් 150 බැගින් මෙන්ම නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදි කිරීම මගිනුයි මෙරට සිල්ලර ඉන්ධන වෙළදපොල සදහා පිවිසීමට අදාළ සමාගම්වලට අවසර හිමි වන්නේ.

මෙහිදි අදාළ සමාගම්වලට වසර 20 ක් දක්වා ක්‍රියාත්මක වන බලපත්‍රයක් ද හිමි වන අතර මේ තුළින් ඛනිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම මෙන්ම අලෙවියට ද අවසර හිමි වනු ඇති.

WhatsApp Group

Skip to content