Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් අංශය මගින් ඉටුකරනු ලබන කොන්සල් කටයුතු සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිත බව සඳහන්.

මේ අනුව විභාග සහතික සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල්  500 සිට රුපියල් 800 දක්වා ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම විදේශ ජාතිකයෙකුට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන යම් ලේඛනයක් සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 1500යේ සිට රුපියල් 3000 දක්වාත් ඉහළ දමා තිබෙනවා.

WhatsApp Group

Skip to content