විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි හෂීස්ගේ නිල කාමරය එහි සේවකයින් විසින් වටලා තිබෙනවා.
ඒ, පසුගිය වසරට අදාළව ප්‍රසාද දීමනා ලබාදීමට පාලනාධිකාරිය කටයුතු නොකරන බවට චෝදනා කරමින්.
2022 වසරේ ලක්ෂ 3කට වැඩි පිරිසක් විදෙස් ගත කිරීම සිය කාර්යාංශය විසින් සිදුකර ඇති බවයි සේවකයින් පෙන්වා දෙන්නේ.
ඒ අනුව අදාළ ප්‍රසාද දීමනා ලබාදීමේ ගැටලුවක් පාලනාධිකාරියට නොමැති බවත් ඔවුන් අවධාරණය කළා.
ඊට සාධණීය විසදුමක් ඉදිරි දින කිහිපයේ දී ලබාදෙන බවටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා පොරොන්දු වී ඇත්තේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා වශයෙන් ඒ.ඒ.එම්.හිල්මි මහතා පසුගිය 09 වනදා රාජකාරි කටයුතු ආරම්භ කලා.
ඒ මහතා මෙයට පෙරද කාර්යාංශයේ සභාපති තනතුර හොබවා තිබෙනවා.

WhatsApp Group

Skip to content