විධායක ජනාධිපතිධූරය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු ජාතික ජනබලවේගය පවසනවා.

එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මේ තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ශක්තිමත් වන බවයි.

https://www.vnews.lk/storage/2023/01/ANURA-KUMARA-EDIT-3.mp3?_=1

මේ අතර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේ ඇතැම් දේශපාලන නායකයින් ජනතාවට විවිධ පොරොන්දු ලබා දෙමින් මැතිවරණය ජයග්‍රහණය කිරීමට උත්සහ කරන බවයි.

https://www.vnews.lk/storage/2023/01/PIYAL-NISHANTHA-EDIT.mp3?_=2

එමෙන්ම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්ද අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/01/MIX-CUT.mp3?_=3

මේ අතර මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබෙනවා.

එම පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත් වුණා.

WhatsApp Group

Skip to content