Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් තුන් ලක්ෂ විසි නවදහස් හයසිය හැට අට දෙනෙකු පෙනී සිට ඇති අතර ඉන් හතලිස් අට දහස් දෙසිය පනස් හත් දෙනෙකු වෙනත් පාසල් සඳහා කඩඉම් ලකුණු සපුරා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 14.64% ක් ඊට සුදුසුකම් ලබා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2021 වසරේ සිසුන් තුන් ලක්ෂ තිස් පන්දහස් එකසිය පනස් අටක් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ඇති අතර ඉන් හතලිස් හත් දහස් පන්සිය තිස් හය දෙනෙකු වෙනත් පාසල් සඳහා කඩඉම් ලකුණු සපුරා තිබුණා.

2021 වසරට සාපේක්ෂව 2022 වසරේ අපේක්ෂකයින් අඩු ප්‍රමාණයක් ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වුවද මේ වසරේදී වෙනත් පාසල් සඳහා කඩඉම් ලකුණු සපුරා ඇති ප්‍රමාණයේ වැඩි වීමක් දක්නට ලැබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

WhatsApp Group

Skip to content