Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විශ්වයේ ජනප්‍රියම ක්‍රීඩාව ලෙස හැදින්වෙන පාපන්දු ක්‍රීඩාවේ 22 වන ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වනවා.

මෙම තරගාවලියේ ආරම්භක තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 9.30 ටයි ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

සමාරම්භක තරගය සත්කාරක කටාර් රාජ්‍ය සහ ඉක්වදෝර කණ්ඩායම අතර පැවැත්වෙනවා.

කෙසේ වෙතත් ආබාධවලට ලක්වීම හේතුවෙන් ක්‍රීඩකයින් දසදෙනෙකුට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අහිමිවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශය, සෙනගාල්, ජර්මනිය, පෘතුගාලය, මොරොක්කෝව, බ්‍රසීලය, ජපානය, ඝානා සහ ආජන්ටිනාව යන රටවල පාපන්දු කණ්ඩායම් වල ක්‍රීඩකයින්ට මෙලෙස පාපන්දු ලෝක කුසලානය අහිමිවී ඇති බවයි.

WhatsApp Group

Skip to content