මෙරට විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් 450ක පමණ හිගයක් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා කියා සිටියේ ආචාර්යවරුන් සේවය හැර යාමත් සමග මෙම ගැටළුකාරි තත්ත්වය මතුව ඇති බවයි.

සිය ගැටළු සම්බන්ධයෙන් එළඹෙන 18 වනදා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content