Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක සිසුන්ට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු බලංගොඩ ප්‍රදේශයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීති විරෝධි රැස්වීමක සාමාජිකයන් වී නවක වදය ලබා දීම සදහා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුල් වීමෙන් පසු මෙම පහර දීම පසුගිය පෙබරවාරි 15 වෙනි දා සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23, 24 හා 25 යන වයස්වල පසුවන දෙහිවල, මොරටුව, අම්බලන්ගොඩ හා වැලිමඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් ඊයේ බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content