Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හිටපු අමාත්‍ය, පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපලින් යලි ශ්‍රී ලංකාවට පැමිණියා.

ඔහු මීට මාසයකට පමණ පෙර ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ගොස් තිබුනා.

බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීම සදහා රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු,ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි,ශාන්ත බණ්ඩාර, එස්.එම්.චන්ද්‍රසේන, ප්‍රසන්න රණවීර,පියල් නිශාන්ත යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

එම අවස්ථවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ පක්ෂය ප්‍රවර්ධනය කිරීමට සහ පක්ෂයේ ඉදිරි කටයුතු කිරීම සදහා බැසිල් රාජපක්ෂ මහතා යලි දිවයිනට පැමිණි බවයි.

මෙම පැමිණීම පක්ෂයට ශක්තියක් බවද ඔහු සදහන් කළා .

https://www.vnews.lk/storage/2022/11/SANATH-NISHANATHA-EDIT-.mp3?_=1

රටේ ජනතාව පිඩාවට පත්ව සිටියදී ඔවුන් ගේ හඩට කන් නොදුන් පාලකයන් කොතරම් මෙරටට පැමිණියත් සුගතියක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ අද මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් .

එහිදී තමන් අයිතිකරුවන් ලෙස සිතා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිලදාරී මණ්ඩලය කවුරුන්දැයි මන්ත්‍රී වරයා විමසා සිටියා

https://www.vnews.lk/storage/2022/11/WASANTHA-YAPA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content